December 23, 2014
Android උපාංගයේ සම්පූර්ණ බලතල අපේ අතට ගන්නවා වගේ. Root කිරීමෙන් අපට අවශ්‍ය ආකාරයට Android උපාංගය හැසිරවිය හැකි අතර පහත සදහන් පරිදි මෙහි වාසි අවාසි වෙන වෙනම දක්වා ඇත.
Root කිරීමේ වාසි
- Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
- Super User බලතල ලැබීම
- Root කිරිමට පෙර නොහැකි වූ මෘදුකාංග Install කිරිමට හැකිවීම
- Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම Update කිරිමට හැකි විම
- Android System එක අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකි වීම
- මෘදුකාංග බාහිර මතක Chip එකටද Install කර ගැනීමට හැකි වීම
- Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම
- වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම
Root කිරීමේ අවාසි
- උපාංගයේ වගකීම් අහෝසි වීම
- සමහර උපාංග වලට නිල Update හැකියාව නැතිවී යාම
- නොගැලපෙන ස්ථිරාංග(Firmware) ස්ථාපනය කිරිමෙන් උපාංගයේ වේගය අඩු වීම
- උපාංගය නිවැරදිව Root නොකලොත් ඔබගේ උපාංගය නැවත යථා තත්වයට පත්කර ගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත.
Welcome to My Blog